(ජපන් පාඩම - 1) - ජපන් හෝඩිය

edited June 2014 in Other
ජපන් භාෂාවට හෝඩි 3ක් තියෙනවා. ඒ තමයි,
  1. හිරගන
  2. කතකන
  3. කන්ජි
ජපානයේ මුලින්ම භාවිතා කරල තියෙන්නෙ චීනයෙන් පැමිණි කන්ජි අක්ෂර. චීන අක්ෂර කියන්නෙත් ඒවටම තමයි. මේ අකුරු හැදිල තියෙන්නෙ රූප පදනම් කර ගෙන නිසා රුපාකෂර කියලත් කියනව. කන්ජි අක්ෂර දහස් ගණනක් තියෙනවා. එකම අක්ෂරයට චීන භාෂාවෙන් එක උච්චාරණයකුත් ජපන් භාෂාවෙන් තවත් උච්චාරණයකුත් තියෙනවා.

පසු කාලීනව ජපන් ජාතිකයින් ඔවුන්ගේ ම හෝඩියක් නිර්මාණය කරගත්ත. ඒ තමයි හිරගන හෝඩිය. හිරගන හෝඩියේ මූලික අක්ෂර 46ක් තියෙනවා. මුළු හෝඩියේ අක්ෂර ගණන 107ක්. a (අ), i (ඉ), u (උ), e (එ), o (ඔ) හිරගන හෝඩියේ ස්වර අක්ෂර යි. මූලික අක්ෂර 46 ඇසුරින් තෝර ගත්ත අකුරු 20කට ‟  සලකුණ (තෙන් තෙන් ) යොදා අකුරු 20කුත්,  ˚ සලකුණ (මරුතෙන් ) යොදා අකුරු 5කුත් නිර්මාණය කරගන්නවා. i (ඉ) ස්වරය යටතේ එන අකුරු 12ට ya, yu, yo සම්බන්ධ කර බැඳී අකුරු 36කුත් නිර්මාණය කර ගන්නවා. මේ හිරගන අකුරු යොදා ගන්නේ ජපන් භාෂාවට සහ ජපානයට ම ආවේණික වූ වචන ලියන්න විතරයි. 

image

කතකන හෝඩියේත් අක්ෂර 107ක් තියෙනවා. කතකන අකුරු වැඩියෙන් ම භාවිතා කරන්නේ විදේශීය භාෂා වලින් ජපන් භාෂාවට පැමිණි වචන ලියන්නයි. විදෙස් රට වල නම් , ස්ථාන නාම පුද්ගල නාම ලියන්නෙත් කතකන අකුරු වලින්. අනුකරණ ශබ්ද, ඒ කියන්නේ සතුන් කෑ ගසන විදිය නැත්නම් මොනව හරි දෙයක් බිම වැටෙන කොට ඇහෙනවා වගේ එක එක ශබ්ද ලියන්නෙත් කතකන වලින්. ඊට අමතරව සමහර පක්ෂීන්ගේ නම් සහ මල් වල නම් ලියන්නත් කතකන අකුරු භාවිතා කරනවා. 

image
මේවා දැකලා බය වෙන්න එපා. [-X හිතන තරම් අමාරු නෑ. :D ඊළඟ පාඩමෙන් හමුවෙමු. :-h

Comments

Sign In or Register to comment.