Python උසස් පෙලට – හැදින්වීම

edited November -1 in Advanced Level

Python කියන්නේ මොකක්ද කියල මේ Post එක කියවන්න එන ඔයා අනිවාර්ය්නෙම දන්නවා ඇති. මේ පෝස්ට් එකේ ඉදන් අපොස උසස් පෙළ පරිඝනක තාක්ෂණ විෂයට අදාලව Python ක්‍රමලේඛන භාෂාව පිලිඹද අදාළ දේවල් අපි කතා කරමු.හරි එහෙනං .. කෙලින්ම වැඩේට එන්ටර් වෙමු.

මේ පොස්ට් එකෙන් මන් ඔයාලට කියන්නම් Python ඉගෙන ගන්න කලින් python ගැන basic කරුණු කිහිපයක්. හරියටම මේ දේවල් ගැන.

  • Python කියන්නේ මොකක්ද ?
  • Python වල ඉතිහාසය ?
  • Python වල විශේෂ වාසි සහ ලක්ෂණ ?
  • Python සම්බන්දව උසස් පෙළ සදහා ඉගෙනීමට ඇති ප්‍රධාන දේවල් මොනවද ?
  • Python ඔයාගේ පරිඝනකයේ ස්ථාපනය කරගන්නේ කොහොමද ?

Python කියන්නේ මොකක්ද ?

සරලවම ගත්තොත් Python කියන්නේ පරිඝනක ක්‍රමලේඛන භාෂාවක්. :) මෙමගින් පරිඝනක මෘදුකාංග නිර්මාණයට වගේම Web Developing වලටද යොදාගන්න පුළුවන්.. ඒ වගේම මේක scripting langauge එකක් කියලත් හදුන්වන්න පුළුවන් .. අනිත් ක්‍රමලේඛන භාෂාවන්ගේ වගේම මේකෙත් ගොඩක් විශේෂතා තියෙනෙව . අපි ඒවා ගැන ඉස්සරහට කතා කරමු..

Python වල ඉතිහාසය ?

Creator of Python

Python වල සංකල්පය මුලින්ම ගොඩනැගිල තියෙනේ 1980 ගණන් වල අගභාගයේ .. එක හදන්න පටන්න අරගෙන තියෙන්නේ 1989 දෙසැම්බර් වල Guido van Rossum විසින් නෙදර්ලන්තයේ CWI ආයතනයේදී .. එතකොට මේකට Python කියන නම ලැබිල තියෙන්නේ 1970 වසරේ BBC නාලිකාවේ විකාශය වුනු ප්‍රහසන වැඩසටහනක් වන  “Monty Python‘s Flying Circus” කියන කතාවේ නමින් .. :)

Python වල විශේෂ වාසි සහ ලක්ෂණ ?

  • Simple : Python කියන්නේ ගොඩක් සරල ක්‍රමලේඛන භාෂාවක් .. අනිත් භාෂාවල් වලට වඩා , Programming වලට අලුත්ම කෙනෙක්ට උනත් ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් භාෂාවක් .. මේකේ Syntax පවා හරිම සරලයි .. අනිත් භාෂාවල් වල වගේ වරහන් වගේ දේවල් වලින් භාෂාව සංකීර්ණ වෙලා නැහැ .. ඒ ගැන පස්සේ ඔයාට තේරෙයි :)
  • Free and Open Source : Python කියන්නේ සම්පුර්නෙන්ම නොමිලේ ඔයාට ලබාගන්න පුළුවන් භාෂාවක් .. ඒ කියන්නේ ඔයා Python ඔයාගේ computer එකේ install කරන්න download කරද්දී කිසිම ගෙවීමක් ඔයාට කරන්න වෙන්නේ නැහැ .. ඒ වගේම මේක Open Source .. එකියන්නේ මේක හදල තියෙන Source Code එක ඔයාලට ඕනේ වෙලාවක අරගෙන ඔයාලට කැමති විදියකට Develop කරන්න හෝ වෙනස් කරන්න පුළුවන් .. ( Python related git repository )
  • Object Oriented Language : මේක ටිකක් සංකීර්ණ කතාවක් . Object Oriented ගැන කියන්න ගියොත් පොස්ට් එක දිග වැඩි වෙනවා :/ එක ගැන Wiki එකෙන් බලන්න

Python සම්බන්දව උසස් පෙළ සදහා ඉගෙනීමට ඇති ප්‍රධාන දේවල් මොනවද ?

python කියන්නේ උසස් පෙළ IT විෂය මාලාවේ වැදගත්ම පාඩම කිව්වොත් හරි මන් හිතන්නේ .. මොකද හැම අවුරුද්දකම වගේ මේ පාඩමෙන් MCQ ප්‍රශ්න 15 කට ආසන්න ප්‍රමාණයක් වගේම රචනා ප්‍රශ්නයකුත් එන නිසා .. ඒ කියන්නේ මේ පාඩම් අතාරිනවා කියන්නේ A එක අතාරිනවා වගේ වැඩක් .. :3 Python ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයකට තමා ඉගෙන ගන්නේ ..

මුලින්ම Python වල Basic Syntax , Operators වගේ දේවල් වලින් පටන් අරගෙන if condition , loops ( while loop , for loop ), methods , file handling , built in functions ( python වල Functions ) , සහ Custom Functions ( අපිම අපිට අවශ්‍ය functions හදාගැනීම ) වගේ ගොඩක් දේවල් මේකෙදි ඉගෙන ගන්න තියෙනෙව .. :)

AL IT වල Syllabus එක ඔයාලට ඕනෙනම් nie.lk වෙබ් අඩවියෙන් download කරගන්න පුළුවන් ..

Python ඔයාගේ පරිඝනකයේ ස්ථාපනය කරගන්නේ කොහොමද ?

හරි එහෙනං .. ඊලග post එකේ ඉදන් python වලට බහින්න අපි දැන් ඔයාගේ Computer එකේ Python Install කරගම්මු .. ( කරගෙන නැති අයට  ) මන් මුලින්ම කිව්වනේ මේක FOSS එකක් කියල .. එකියන්නේ Free and Open Source Software ගණයට අයිති එකක් කියල .. එක නිසා මේක Download කරගැනීමේදී ඔයාලට මුදල් පිලිබදව ( ක්‍රැක් හොයන්න :3 ) කරදර වෙන්න දෙයක් නැහැ ..

Windows PC ( Personal Computers ) පාවිච්චි කරන අයට මෙන්න මේ ලින්ක් එකෙන් ගිහින් තමන්ගේ PC එකට අදාළව Python (Python3) download කරගෙන Install කරගන්න පුළුවන් ( IDLE එකද සමග ) .. :)

ඊට අමතරව Linux Ditributions පාවිච්චි කරන අයට ඒ ඒ Distro එකට අදාලව Repositories වලින් තමන්ට අදාළ Python download කරගෙන පාවිච්චි කරන්න පුළුවන් .. එත් ගොඩක් වෙලාවට Linux Distributions එක්ක Python Inbuilt එන නිසා අවශ්‍ය නැහැ .. ඔයාල Terminal එක අරගෙන python3 ( Python Version එක අනුව වෙනස් වේ ) කියන Command එක Run කලානම් මෙන්න මේ වගේ Python Shell එක ඔයාලගේ Terminal එකේම පෙන්වයි .. :)

Linux Terminal එකේ Python3 Run කිරීම  ( Image එක විශාල කිරීමට ඒ මත ක්ලික් කරන්න )

Linux Terminal එකේ Python3 Run කිරීම

 

හරි එහෙනං .. Python හැදින්වීම , මේ පෝස්ට් සෙට් එකේ පලවෙනි පෝස්ට් එක තමයි ඒ .. පෝස්ට් එකේ සමහර තැන් වල වැරදි අඩුපාඩු තියෙනේවනන් කියන්න .. මමත් තාම ඉගෙන ගන්න එක්කෙනෙක් නිසා වැරදි තියෙන්න පුළුවන් .. පෝස්ට් එක හොදයිද නරකයිද අලද චාටර්ද කියලත් ඔයාලගේ අදහස කියල යන්න .. එක ඉස්සරහට ලියන පෝස්ට් වලට වැදගත් වේවි .. :) මේ පොස්ට් එකේ යම් තැනක් අපැහැදිලිනම් ප්‍රශ්න තියෙනේවනන් Comment box එකේ අහන්න .. දන්නා අදුරන යාලුවන්ටත් බලන්න Facebook එකේ Twitter එකේ G + වගේ ෂෙයාර් කරන්න ..

ඉදිරි පෝස්ට් වලදී Python වල Theory එක්කම ඒ දේවල් ප්‍රායෝගිකව කරන අකාරය Video සමග කියල දෙන්න බලාපොරෝර්ත්තු .වෙනවා . :) එහෙනං එතකන් ,

ආයුබෝවන් !

 

 

ඔරිජිනල් පොස්ට් එක : Python උසස් පෙලට – හැදින්වීම

 මේ තමයි මන් දානවයි කිව්ව Python ගැන පෝස්ට් ටිකේ පලවෙනි එක .. වැඩේ හොදයිනන් මෙතන වගේම Blog එකටත් ගිහින් කමෙන්ට් එකක් දාන්න ... එක ඉස්සරහට ලියන පොස්ට් වලට ගොඩක් වැදගත් වෙයි .. :)

Comments

Sign In or Register to comment.