(ජපන් පාඩම - 3) - සරල වාක්‍ය ගොඩ නැගීම

edited June 2014 in Advanced Level
ජපන් භාෂාවේ දී නාම පද සහිත සරල වාක්‍ය ගොඩ නගන විට පළමු නාම පදයෙන් පසුව ‘wa’ (は)නිපාතය යොදයි. මෙහිදී වාක්‍යය අවසන් වන්නේ නාම පදයකින් බැවින් වාක්‍යයේ අගට ‘desu’ යන පදය යොදයි. 
‘wa’ නිපාතය සඳහා යොදා ගනු ලබන සංකේතය හිරගන හෝඩියේ  は (හ) අකුර වුවද එය නිපාතයක් ලෙස යෙදී ඇති විට ‘ව’ ලෙස ශබ්ද කරයි.

 N1 wa N2 desu 
N=Noun
උදා:
1.මම අමර.
Watashi wa Amara desu.
වතශි ව අමර දෙස්.
わたし は アマラ です。

2.මම ශිෂ්‍යයෙක්.
Watashi wa gakusei desu.
වතශි ව ගකුසෙයි දෙස්.
わたし は がくせい です。

3.මම ගුරුවරයෙක්.
Watashi wa sensei desu.
වතශි ව සෙන්සෙයි දෙස්.
わたし は せんせい です。

4.අපි යාලුවෝ වෙමු.
Watashitachi wa tomodachi desu.
වතශිතචි ව තොමොදචි දෙස්.
わたしたち は ともだち です。

5.ඇය වෛද්‍යවරියක්.
Kanojo wa isha desu.
කනොජො ව ඉෂ දෙස්.
かのじょ は いしゃ です。

ප්‍රශ්නවාචී වාක්‍ය ගොඩ නැගීම.

ජපන් භාෂා වාක්‍ය වල ප්‍රශ්නාර්ථය නැගීමේදී වාක්‍යයේ අගට ‘ka’ (か)නිපාතය යොදයි. මෙය සිංහල භාෂාවේ ප්‍රශ්නාර්ථය හැඟවීමට භාවිතා කරන ‘ද? ‘යන්නට සමාන වේ. 

උදා:
1.ඔබ ශිෂ්‍යයෙක්ද?
Anata wa gakusei desuka?
අනත ව ගකුසෙයි දෙස්ක?
あなた は がくせい ですか?

2.ඇය ගුරුවරියක්ද?
Kanojo wa sensei desuka?
කනොජො ව සෙන්සෙයි දෙස්ක?
かのじょ は せんせい ですか?

3.ඔහු ඉංජිනේරුවෙක්ද?
Kare wa gisha desuka?
කරෙ ව ගිෂ දෙස්ක?
かれ は ぎしゃ ですか?

4.ඔවුන් යාලුවන්ද?
Karera wa tomodachi desuka?
කරෙර ව තොමොදචි දෙස්ක?
かれら は ともだち ですか?

5.ඔබලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ද?
Anatagata wa daigakusei desuka?
අනතගත ව දයිගකුසෙයි දෙස්ක?
あなたがた は だいがくせい ですか?

අලුත් වචන

1. මම - watashi – わたし (වතශි)
2. අපි - watashitachi – わたしたち (වතශිතචි)
3. ඔබ - anata -あなた (අනත)
4. ඔබලා - anatagata -あなたがた (අනතගත)
5. ඇය - kanojo- かのじょ (කනොජො)
6. ඔහු - kare- かれ (කරෙ)
7. ගුරුවරයා - sensei- せんせい (සෙන්සෙයි)
8. ශිෂ්‍යයා - gakusei – がくせい (ගකුසෙයි)
9. වෛද්‍යවරයා - isha – いしゃ (ඉශ)
10. ඉංජිනේරුවා - gisha – ぎしゃ (ගිෂ)
11. යාලුවා - tomodachi – ともだち (තොමොදචි)
12. විශ්වවිද්‍යාලය - daigaku – だいがく(දයිගකු)

Comments

Sign In or Register to comment.