(ජපන් පාඩම - 11) - ක්‍රියා පද - どうし - Dōshi

edited November -1 in Other

ජපන් භාෂාවේ සියලුම ක්‍රියා පද කොටස් 3කට බෙදා දක්වන්න පුලුවන්. ඒවා වෙනස් වන්නේ වර නගන ආකාර 3කට අනුවයි. එනම්,

  • පළමු කාණ්ඩයේ ක්‍රියා පද ― いち グループ
  • දෙවන කාණ්ඩයේ ක්‍රියා පද ― に グループ
  • තුන් වන කාණ්ඩයේ ක්‍රියා පද ― さん グループ

මේ එක් එක් කාණ්ඩ වලට ක්‍රියා පද ගැන වෙන වෙනම විමසා බලමු.

පළමු කාණ්ඩයේ ක්‍රියා පද

පළමු කාණ්ඩයේ ක්‍රියා පද ඒවායේ ‘අන්තය’ අනුව තවත් කොටස් 9කට බෙදේ. (අන්තය යනු ක්‍රියා මූලයේ අවසාන අකුරයි.) ඒ අනුව පළමු කාණ්ඩයේ අන්ත 9කි.ඒවානම්,

  1. う – U අන්තය
  2. く- Ku අන්තය
  3. ぐ – Gu අන්තය
  4. す – Su අන්තය
  5. む – Mu අන්තය
  6. ぬ – Nu අන්තය
  7. ぶ – Bu අන්තය
  8. つ – Tsu අන්තය
  9. る – Ru අන්තය

う අන්තය 

යම් කිසි ක්‍රියා පදයක ක්‍රියා මුලයේ අවසාන අකුර ලෙස う අකුර යෙදී ඇත්නම් එය පළමු කාණ්ඩයේ う අන්ත ක්‍රියා පදයක් ලෙස හැදින්වේ.

උදා:

    かう – kau - මිලදී ගන්නවා

    あう – au - මුණ ගැහෙනවා

    いう – iu - කියනවා

    わらう – warau - සිනා වෙනවා

    おもう – omou - සිතනවා

    ねがう – negau - ඉල්ලනවා

く අන්තය

යම් කිසි ක්‍රියා පදයක ක්‍රියා මුලයේ අවසාන අකුර ලෙස く අකුර යෙදී ඇත්නම් එය පළමු කාණ්ඩයේ く අන්ත ක්‍රියා පදයක් ලෙස හැදින්වේ.

උදා:

    かく – kaku - ලියනවා

    いく – iku - යනවා

    きく – kiku - අහනවා

    あるく – aruku - ඇවිදිනවා

    ひく – hiku - අදිනවා

ぐ අන්තය

යම් කිසි ක්‍රියා පදයක ක්‍රියා මුලයේ අවසාන අකුර ලෙස ぐ අකුර යෙදී ඇත්නම් එය පළමු කාණ්ඩයේ ぐ අන්ත ක්‍රියා පදයක් ලෙස හැදින්වේ.

උදා:

    およぐ – oyogu - පීනනවා

    ぬぐ – nugu - ඇදුම් ගලනවා

    いそぐ – isogu - ඉක්මන් කරනවා

す අන්තය

යම් කිසි ක්‍රියා පදයක ක්‍රියා මුලයේ අවසාන අකුර ලෙස す අකුර යෙදී ඇත්නම් එය පළමු කාණ්ඩයේ す අන්ත ක්‍රියා පදයක් ලෙස හැදින්වේ.

උදා:

    はなす – hanasu - කතා කරනවා

    おす – osu - ඔබනවා

    けす – kesu - නිවනවා / මකනවා

    のこす – nokosu - ඉතිරි කරනවා

む අන්තය

යම් කිසි ක්‍රියා පදයක ක්‍රියා මුලයේ අවසාන අකුර ලෙස む අකුර යෙදී ඇත්නම් එය පළමු කාණ්ඩයේ む අන්ත ක්‍රියා පදයක් ලෙස හැදින්වේ.

උදා:

    よむ – yomu - කියවනවා 

    やすむ –yasumu - නිවාඩු ගන්නවා / විවේක ගන්නවා 

    のむ – nomu - බොනවා 

    たのむ    - thanomu - ඉල්ලනවා 

    たのしむ – thamoshimu - සතුටු වෙනවා 

    かむ – kamu - හපනවා

ぬ අන්තය

යම් කිසි ක්‍රියා පදයක ක්‍රියා මුලයේ අවසාන අකුර ලෙස ぬ අකුර යෙදී ඇත්නම් එය පළමු කාණ්ඩයේ ぬ අන්ත ක්‍රියා පදයක් ලෙස හැදින්වේ.

උදා:    しぬ – shinu - මැරෙනවා

ぶ අන්තය

යම් කිසි ක්‍රියා පදයක ක්‍රියා මුලයේ අවසාන අකුර ලෙස ぶ අකුර යෙදී ඇත්නම් එය පළමු කාණ්ඩයේ ぶ අන්ත ක්‍රියා පදයක් ලෙස හැදින්වේ.

උදා:

    よぶ – yobu – අඩගහනවා

    あそぶ – asobu - සෙල්ලම් කරනවා

    はこぶ – hakobu - රැගෙන යනවා

    とぶ – thobu - පියාඹනවා

つ අන්තය

යම් කිසි ක්‍රියා පදයක ක්‍රියා මුලයේ අවසාන අකුර ලෙස つ අකුර යෙදී ඇත්නම් එය පළමු කාණ්ඩයේ つ අන්ත ක්‍රියා පදයක් ලෙස හැදින්වේ.

උදා:

    まつ – matsu - බලා සිටිනවා

    もつ – motsu - දරා සිටිනවා

    かつ – katsu - දිනනවා

    たつ – tatsu - හිටගන්නවා

    やくたつ – yakutatsu - ප්‍රයෝජනවත් වෙනවා

る අන්තය

යම් කිසි ක්‍රියා පදයක ක්‍රියා මුලයේ අවසාන අකුර ලෙස る අකුර යෙදී ඇත්නම් එය පළමු කාණ්ඩයේ る අන්ත ක්‍රියා පදයක් ලෙස හැදින්වේ.

උදා:

    はしる – hashiru - දුවනවා 

    すわる – suwaru - ඉදගන්නවා

    おわる – owaru - ඉවර කරනවා 

    のぼる – noboru - නගිනවා (කදු / ගස්)

    のる – noru - නගිනවා (වාහනයකට)

    かえる – kaeru - ආපසු එනවා

දෙවන කාණ්ඩයේ ක්‍රියා පද

දෙවන කාණ්ඩයේ සියලුම ක්‍රියා පද අවසන් වන්නේ る අක්ෂරයෙනි. පළමු කාණ්ඩයේද る අන්ත ක්‍රියා පද ඇති බව ඔබට මතක ඇති. නමුත් දෙවන කාණ්ඩයේ ක්‍රියා පද වල වෙනසක් දැකිය හැකියි. එනම්, ක්‍රියා පදයේ අවසාන る අකුරට කලින් e (එ) ස්වරය පිහිටා තිබේ. (මෙම රීතියෙන් බැහැර වන ක්‍රියා පද ද තිබේ. එවැනි ක්‍රියා පද පහතින් විශේෂ කර දක්වා තිබේ.)

උදා:

    たべる – thaberu - කනවා 

    ねる – neru - නිදා ගන්නවා 

    みる – miru - බලනවා 

    おぼえる – oboeru - මතක තියා ගන්නවා 

    おしえる – oshieru - උගන්වනවා 

    はじめる - hajimeru - පටන් ගන්නවා 

    かんがえる – kangaeru - කල්පනා කරනවා 

    おりる – oriru - බහිනවා

තුන් වන කාණ්ඩයේ ක්‍රියා පද

තුන් වන කාණ්ඩයේ ඇත්තේ ක්‍රියා පද 2ක් පමණි. එනම්,

  • する – suru - කරනවා
  • くる – kuru - එනවා

ඉහත දක්වා ඇති ආකාරයට ක්‍රියා පද කාණ්ඩ කිරීමට යොදා ගත් ක්‍රියා මූලයන්හි ‘වර්තමාන කාල ඇතාර්ථය’ ඉබේම ගැබ් වී ඇත.

උදා:

  1. මම කනවා.

    わたし は たべる。

    (වතෂි ව තබෙරු)



    පහත ක්‍රමය භාවිතා කර දීර්ඝ වාක්‍ය ද සාදා ගත හැකියි.
    S + は + O + を + V

    S–Subject | O–Object | V-Verb
  2. මම බත් කනවා.

    わたし は ごはん を たべる。

    (වතෂි ව ගොහන් ඔ තබෙරු.)

Comments

Sign In or Register to comment.