A/L (?)
Maths, Physic, ICT සම්බන්ධව.
මට මෙන්න මේවා දැනගන්න ඕනේ.. AL වලට Maths, Physic, ICT තෝරාගැනීමෙන් ලැබෙන වාසි සහ අවාසි. මෙහෙම තොරගත්තහම මේ විෂය අයත් වෙන්නේ පොදු විෂය ධාරාව යටතේ මිස භෞතික විෂය ධාරාව යටතේ නොවේ නේද? තව මෙය තෝරාගැනීමෙන් අපට යන්න පුළුවන් විශවවිද්‍යාල මොනවද? ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයද?
Best Answers
-
මෙන්න මේක බලන්නකො මල්ලි. හැම විස්තරයක්ම තියෙනවා ඕකෙ. යන්න පුළුවන් විශ්ව විද්‍යාලත් එක්කම.භෞතික විශය ධාරාව කියලා එකකට නම් අයිති වෙන්නෙ නෑ...ඒත් Maths, Physics, Chemistry කරන කට්ටිය වෙනයි....Maths, Physic, ICT කරන කට්ටිය වෙනයි....Chemistry ගොඩක් අමාරුයි. ICT ගොඩක් ලේසියි.ICT කරන අයට කැම්පස් යන්න ලේසියි.Chemistry කරන අය ලොකු කට්ටක් කන්න ඕනේ.ඒත් Chemistry කරලා කැම්පස් යන අයට තෝරගන්න පුළුවන් ඒවා ගොඩයි. ICT කරලා යන අයට සීමිතයි.
-
@Podda ඕකේ.... 29වෙනි පිටුව බලන්නකො.Computer Science කරන්න පුළුවන්.Chemistry කරලා කැම්පස් ගියහම ඔයාට තෝරගන්න පුළුවන් courses ගොඩක් තියෙනවා.
ඒත් ICT කරලා කැම්පස් ගියහම තෝරගන්න පුළුවන් ICT සම්බන්ධ courses විතරයි.ඒත් ඉතින් chemistry කරලා කැම්පස් පැනගන්න ලොකු ගේමක් දෙන්න වෙනවා. chemistry නිකන් මොනවද මොනවද වගේනේ...chemistry වලට සාපේක්ෂව ICT ගොඩක් ලේසියි. ඒ වගේම ආසාවෙන් ඉගෙනගන්නවත් පුළුවන්.අනික තමා ICT වල Z score එක ගොඩක් වැඩියි.
Answers