රසායන විද්‍යාව සමතුලිතතාව 2010 ගාන ගැන!!!

edited June 2014 in Advanced Level
2010 c කොටසේ සමතුලිතතාව ගානේ අන්තිම කොටස. එකේ Kp නියතට ආදේශ කරලා ගැන හදන්ඩ පුළුවන්ද? ආංශික පීඩන සමීකරනෙට දාපුවම එක උත්තරයක් Kp නියත කරලා හදපුවම තව එකක්.. ඇයි ඒ? 

Best Answer

  • edited June 2014 Accepted Answer
    ඔය කියන්නේ 2010 b කොටසේ සමතුලිතතාව ගාණ ගැන වෙන්ඩ ඇති.c කොටසේ සමතුලිතතා ගණන් දාන්නැහැ නොවැ මලයා....
    ඔයාට සමතුලිතතාවයේදී A=0.15mol,B=0.6mol ආවද?
    දන් ඕකට  B 0.3mol දාපුහාම සමතුලිතතාව අනිත් පැත්තට යනවානෙ...(2B------>A)
    එතකොට නව සමතුලිතයේදී A ට  X මවුල ප්‍රමාණයක් එකතු වෙලා කියලා ගාණෙ කියනවා.
    එතකොට සමතුලිත ප්‍රතික්‍රියාවට අනුව  A ට X එකතු වෙලා කියන්නෙ  Bගෙන්  2X විඝටනය වෙලා කියන එකනේ. 
    නව සමතුලිතයේදී,
    nB=(0.9 - 2X) mol
    nA=(0.15  +X) mol
    ඔය ගාණ මෙහෙම හැදුවොත් ලේසියි නේද? 
    Aට පමණක් නව සමතුලිතයට පසු PV=nRT,

    PAx4.157x10-3=(0.15+X)x8.314x600

    PA=1200x103x(0.15+X)

    PA=1.2x106(0.15+X)Pa

    ඕකද උත්තරේට ආවෙ? 
    :-bd

Answers

  • edited November -1
    ගාණ දාන්න.එතකොට කියන්නම්..............
  • edited November -1
    එකනම් තමයි ආවේ...
    මේකේ උෂ්ණත්වය නියත නිසා Kp නියතය නියත වෙන්න ඕනේ නේද? Kp නියතයට ආදේශ කරලා PA ගත්තම වැරදි ද?? එතකොට වෙන උත්තරයක්නේ?
  • edited November -1
    උෂ්ණත්වය නියත නිසා Kp නියතයි තමා.

    *අලුතින් B එකතු කලාම සමතුලිතය වෙනස් වෙන හින්දා අවසානයේ මුළු මවුල ගාණ වෙනස් වෙනවා.ඒ වගේම මුළු පීඩනයත් වෙනස් වෙනවා.මුළු පීඩනය හොයන්න නම් මුලු මවුල ප්‍රමාණයට( X ඇසුරින් තමා ගන්න වෙන්නෙ )  PV=nRT  දාන්න වෙනවා නෙ?  kp ඇසුරෙන් PA හොයන්න නම් [Kp=PA /(PB)^2] ,සමතුලිතයට පස්සෙ PBත් හොයා ගන්න ඕනැනෙ.

     PB දන්නෙත් නැති නිසා අපිට අඩු ගානෙ මුලු පීඩනයවත් හොයාගන්න වෙනවා.එතකොට ඒකටත් X ගාව ගන්න වෙනවා නේද?

    ගාණ තවත් පැටලෙන එක තමා වෙන්නෙ.හැබැයි එහෙම හැදුවත් උත්තරේ නම් එන්න ඕනැ.ඔයා ගාණ හදපු විදියයි,ආපු උත්තරෙයි දාන්න බලන්න.......................

    :-?
Sign In or Register to comment.