(ජපන් පාඩම - 6) - නාම පද කාල භේදයට වර නැගීම (desu රූපය වර නැගීම)

edited June 2014 in Other
ජපන් භාෂාවේ භාවිතා වන කාල භේද 2කි. එනම්,
  1. අතීත කාලය 
  2. අනතීත කාලය (වර්තමානයත් අනාගතයත් එක ලෙස ප්‍රකාශ කෙරේ.)
නමුත් නාම පද කාල භේදයට වර නැගීමේ දී රූප 4ක් සලකා බැලිය යුතු ය. එනම්,
  1. වර්තමාන ඇතාර්ථය    -  desu
  2. වර්තමාන නැතාර්ථය  -  dewa arimasen
  3. අතීත කාල ඇතාර්ථය -  deshita
  4. අතීත කාල නැතාර්ථය  - dewa arimasen deshita
image



Noun +  です
Noun + ではありません
Noun + でした
Noun + ではありませんでした

වර්තමාන කාල ඇතාර්ථය
  1. わたし は がくせい です。
    වතෂි ව ගකුසෙයි දෙස්.
    මම ශිෂ්‍යයෙක් වෙමි.
  2. あなた は こうこうせい ですか?
    අනත ව කෝකෝසෙයි දෙස්ක?
    ඔබ උසස් පාසැල් ශිෂ්‍යයෙක්ද?
වර්තමාන කාල නැතාර්ථය
  1. わたし は あかちゃん ではありません。
    වතෂි ව අකචන් දෙව අරිමසේන්.
    මම ළදරුවෙක් නොවේ.
  2. わたしたち は がくせい ではありません。
    වතෂිතචි ව ගකුසෙයි දෙව අරිමසේන්.
    අපි ශිෂ්‍යයින් නොවේ.
අතීත කාල ඇතාර්ථය
  1. わたし は だいがくせい でした。
    වතෂි ව දයිගකුසෙයි දෙශ්ත.
    මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් ව සිටියෙමි.
  2. かれ は せんしゅ でした。
    කරේ ව සෙන්ශු දෙශ්ත.
    අපි ශිෂ්‍යයින් නොවේ.
අතීත කාල නැතාර්ථය
  1. かのじょ は いしゃ ではありません でした。
    කනොජො ව ඉශ දෙව අරිමසේන් දේශ්ත.
    ඇය වෛද්‍යවරියෙකු නොවීය.
  2. かれ は わたしの ともだち ではありません でした。
    කරේ ව වතෂිනො තොමොදචි දෙව අරිමසේන් දෙෂ්ත.
    අපි ශිෂ්‍යයින් නොවේ.
අලුත් වචන
  1. こうこうせい – kokosei - උසස් පාසැල් ශිෂ්‍යයා
  2. せんしゅ – senshu - ක්‍රීඩකයා 
Desu යන්න සිංහල භාෂාවේ වාක්‍යයක අග යෙදෙන ‘වේ’ යන පදයට සමාන යැයි කිව හැකිය.

Comments

Sign In or Register to comment.