(ජපන් පාඩම - 5) - ‘නො’ නිපාතය

edited June 2014 in Other
ජපන් භාෂාවේ නාම පද අතර සම්බන්ධයක් , අයිතියක් හැගවීමක් ආදිය දැක්වීමට යොදා ගනු ලබන්නේ ‘නො’ (の)නිපාතයයි. මෙය සිංහල භාෂාවේ භාවිතා වන ‘ගේ’ යන්නට සමාන වේ.

උදා:
1. මම-わたし
 පොත-ほん
 මගේ පොත-わたしの ほん (watashino hon/වතශිනො හොන්)
2. අපේ පාසල-わたしたちの がっこう  (watashitachino gakkō/වතශිතචිනො ගක්කෝ)
3. ළමයාගේ බෑගය-こどもの かばん  (kodomono kaban/කොදොමොනො කබන්)
4. ඇයගේ මේසය -かのじょの テーブル  (kanojono tēburu/කනොජොනො තේබුරු)
5. ගහ උඩ-きの うえ  (kino ue/කිනො උඑ)
6. පුටුව යට-いすの した  (isuno shita/ඉසුනො ෂිත)
7. පංතිය තුළ-クラスの なか  (kurasuno naka/කුරසුනො නක)
8. නගරය මැද -まちの なか  (machino naka/මචිනො නක)
9. නිවස පිටුපස-いえの うしろ  (ieno ushiro/ඉඑනො උෂිරො)
10. දුම්රියපොළ ඉදිරිපස- えきの まえ  (ekino mae/එකිනො මඑ)

මීළගට පසුගිය පාඩම් වලින් ඉගෙනගත් කරුණු හා වචන යොදාගනිමින් ‘නො’ නිපාතය සම්බන්ධ කර වාක්‍ය ගොඩ නගන ආකාරය බලමු.

1. මේක මගේ පංතියයි.
ここは わたしの クラス です。
කොකො ව වතෂිනො කුරසු දෙස්.

2. ඔබේ නම මොකක්ද?
あなたの なまえは なんですか?
අනත නො නමාඑ ව නන් දෙස්ක?

3. නංගිගේ පිගාන කොහෙද?
いもうとの さらは どこですか?
ඉමෝතො නො සර ව දොකො දෙස්ක? 

4. ජපන් ජාතිකයෙකු වන ඔහු කුරොද මහතායි.
にほんじんの かれは くろださん です。
නිහොන්ජින් නො කරෙව කුරොදසන් දෙස්.

5. ඕක අම්මාගේ පසුම්බියයි.
それは おかあさんのさいふ です。
සොරෙ ව ඔකාසන් නො සයිෆු දෙස්.

අලුත් වචන

1. බෑගය- かばん -කබන්
2. ගහ- き -කි
3. උඩ- うえ -උඑ
4. යට- した -ෂිත
5. පුටුව- いす -ඉසු
6. තුළ/ මැද- なか -නක
7. නිවස- いえ/うち -ඉඑ/උචි
8. පිටුපස- うしろ -උෂිරො
9. ඉදිරිපස- まえ -මඑ
10. නම- なまえ -නමාඑ
11. නංගී- いもうと -ඉමෝතො
12. මල්ලි- おとうと -ඔතෝතො
13. පිඟාන- さら -සර
14. ජපන් ජාතිකයා- にほんじん -නිහොන්ජින්
15. පසුම්බිය- さいふ -සයිෆු
16. ජපානය- にほん、にっぽん -නිහොන්/නිප්පොන්
17. ජපන් භාෂාව- にほんご -නිහොන්ගො

Comments

Sign In or Register to comment.