(ජපන් පාඩම - 2) - ජපන් අකුරු ලිවිම පියවර වශයෙන්

edited June 2014 in Other
හිරගන අකුරු ලියන ආකාරය පියවර ලෙස

image


අක්ෂර දීර්ඝ කීරීම

දීර්ඝ අක්ෂරයක් සාදා ගැනීමේදී ප්‍රධාන අකුරට පිටුපසින් う(u )අක්ෂරය යොදයි. 

උදා:
KŌ - こう (කෝ)
MŌ – もう (මෝ)

හල් අකුරු සදා ගැනීම

හිරගන අක්ෂර ලිවීමේදී ඕනෑම හල් අකුරක් ලිවීමට っ (චීසයි ත්සු ) යොදා ගන්නවා. හිරගන හෝඩියේ තියෙන つ අකුර කුඩාවට ලිවම චීසයි ත්සු (っ) හදා ගන්න පුළුවන්.

උදා:

Gakkō – がっこう (ගක්කෝ-පාසල)
Kokka – こっか (කොක්ක-ජාතිය)
Happa – はっぱ (හප්ප-ගස් වල කොළ)

බැඳී අකුරු සදා ගැනීම

I. i (ඉ) ස්වරයේ අක්ෂරයක් තෝරා ගන්න.
II. තෝරා ගත්ත i (ඉ) ස්වරයේ අක්ෂරයට පිටුපසින් ya, yu, yo අතරින් අවශ්‍ය අකුර කුඩාවට ලියන්න.

උදා:

き+ゃ ― きゃ
(ki+ya)     (kya)

 ち+ょ ― ちょ
(cho+yo)     (cho)

り+ょ+う ― りょう
(ri+yo+u)     (ryō)

කතකන අකුරු ලියන ආකාරය පියවර ලෙස

image

අක්ෂර දීර්ඝ කීරීම

කතකන හෝඩියේදී දීර්ඝ අක්ෂරයක් සාදා ගැනීමට අදාළ අක්ෂරයට පිටුපසින් කෙටි ඉරක් යොදයි.

උදා :

kō  →  コー (කෝ )
Sō  →  ソー ( සෝ )
R ō →  ロー ( රෝ )

හල් අකුරු සදා ගැනීම

හිරගන හෝඩියේදී වගේම කතකන හෝඩියේදීත් හල් අකුරක් සාදා ගැනීමට අදාළ ස්ථානයේ ッ (කතකන චිසයි ත්සු ) සලකුණ යොදයි.

උදා:
Koppu    –   コップ
(කොප්පු)      ( cup )

Baggu   -     バッグ
(බග්ගු )       (Bag)

Beddo  -     べっど
(බෙද්දො)    (Bed)

බැඳී අකුරු සදා ගැනීම

කතකන වලදීත් හිරගන හෝඩියේ පිළිවෙලටම ‘ඉ’ ස්වරයේ අක්ෂරයක් ප්‍රධාන අක්ෂරය ලෙස තෝරාගෙන ya, yu, yo අතරින් සුදුසු කතකන අක්ෂරය ප්‍රධාන අක්ෂරයට පිටුපසින් කුඩාවට ලියයි.

උදා:

キ+ャ → キャ
(ki)+(ya)    (kya)

ピ+ュ → ピュ
(pi)  (yu)    (pyu)

リ+ョ+― → リョー
(Ri)  (yo)          (Ryō)

Comments

  • edited November -1

    8-> මතක තියා ගන්න තමයි අමාරු මේව.
  • edited April 2014
    @yasas රටාව අල්ලගත්තාම මතක තියා ගන්න අමාරු නෑ.:)
  • edited November -1
    X_X   8-}
  • edited April 2014
    මන් කිව්වේ..  8-} හෝඩි ලොට් එකක් තියෙනවලු නේද ඔකේ..? කමක් නැහැ ඉගැන්වන්ට.. :D
  • edited November -1
    Ela ela:-)
  • edited November -1
    niyamai niyamai. den 3 koo?
  • edited November -1
    Ela Ela !! :)
  • edited November -1
    අම්මෝ.මෙවා මතක හිටින්නැනේ. :-)
  • edited November -1
    gayanpradeep සතියකට අකුරු 5ක් විතර මතක තියාගන්න පුළුවන් නම් හොදටම ඇති.
  • edited November -1
    umichan මාරු උමිචාන් :) ;)
  • edited November -1
    I love JAPANESE!!!!!  8-> :-bd
  • edited November -1
    @Shashi20, Japanese ඉගෙන ගන්නවද?
  • edited November -1
    Kanji please.............
  • edited November -1

    @Suranga, yeah, that will be a new year gift for you all. 

    :D

  • edited November -1
    Million thanks......!!!!! Japan walata paya thibbama thamai bhashawe vatinakama dannene.. oyala me karana wadeta thanks karanna wachana madi....:)
  • edited November -1
    @Suranga ජපන් යන්න කලින් ඉගෙනගෙන නෙමෙයිද ගියේ ? JLPT හරි NAT හරි කරලා තියෙයිද ?
  • edited November -1
    Examsnam kale nea. Hiragana,kathakana ekka nipaatha tika kala.. ath mehe thiyana hama dema thiyenne Kanji ekka. Kiyawagannawa thiya hithagannath amarui..... :((
  • edited November -1
    @Suranga අයියෝ.... එහෙනම් මේවගෙන් ඉගෙනගන්න. :)>- අපි උදව් කරන්නම්.
  • edited November -1
    :D ;;) :D ;;)
  • edited November -1
    හිරගන, කතකන හෝඩි දෙකේ වෙනස් වෙන්නෙ අකුරු හැඩ විතරයිද?
    අනිත් හැම දෙයක්ම එකම ක්‍රමයක් නේද? :-??
  • edited November -1
    @jeewan ,අකුරුවල විතරක් නෙවේ . අක්ශර දිර්ඝකරන ආකාර‍ත් වෙනස් වෙනවා .
Sign In or Register to comment.