විද්‍යාව ප්‍රශ්නයක්!

මෙම ආනත තලය ගර්ෂණයෙන් තොර යැයි සලක 750N ක් භාරයක් තලය දිගේ ඇදගෙන යාමට අවශ්‍ය අවම ආයාසය ගණනය කරන්න...
මේක හදාගන්න විදිය පොඩ්ඩක් මට කියලා දෙනවද?
Tagged:
Best Answer
-
මේකෙ දත්ත මදි නෑ.750 N භාරයක් තලය මත තිබ්බම තලය දිගේ පහලට එන බරෙහි සංරචකය= 750 sin θ = 750 X 1/2 =375N.එම නිසා භාරය ඇදගෙන යාමට තලය දිගේ ඉහලට යෙදිය යුතු අවම බලය 375N.භාරය 2m දුරක්; 375N බලයකින් ඇදගෙන යාමට කල යුතු කාර්යය= 375N X 2m = 750Nm = 750Jමෙහෙම ලේසියි.තලය සුමටයිනේ. ඒ නිසා ඝර්ෂණයට එරෙහිව කාර්යයක් කරන්න ඕන නෑ. ඒ කියන්නේ; 750N භාරය 1m ඉහලට එසවීමට කල යුතු කාර්යයට අමතරව තලය දිගේ ඇදගෙන යන්න කාර්යයක් කරන්න ඕන නෑ.750N භාරය 1m එසවීමට කල යුතු කාර්යය= 750N X 1m= 750Nm = 750J
Answers