කුළු අගය කියන්නෙ මොකක්ද?

edited November -1 in Advanced Level
මොකක්ද මේ සමහර ධාරා විද්‍යුතය ගණන් වල තියෙන කුළු අගය, කුළුවෝල්ටීයතාවය??? මොකක්ද මේ කුළු වචනෙ තේරුම?

Best Answer

  • edited November -1 Accepted Answer

    අහා.... මෙතන කුළු කියන්නේ මේකේ දෙන Vp අගය... ප්‍රත්‍යවර්ථ ධාරාවක් sin වක්‍රයක ආකාරයට යන්නේ කියල දන්නවනේ? එකේ sin වක්‍රයේ උච්ච අගය තමා මෙතන කුළු අගය කියන්නේ.. මේකේ Peak Voltage කියන්නේ ඒක තම... අනිත් දවසේ ප්‍රශ්නයක් අහද්දී හරියට අහන්න.. මොකද එකම වචනේ ස්ථාන කීපයක එකේක තේරුම් විදියට යෙදෙනවා.. හරිද?

Answers

  • edited November -1

    පසුකුළු වෝල්ටීයතාව කියන්නේ දියෝඩයක පසු නැබුරු අවස්ථාවේ දියෝඩය බිදවැටෙන්න ඕනේ වෝල්ටීයතා අගය...ඒ කියන්නේ ඕග ආචරණය වෙන වෝල්ටීයතාව...... කුළු වෝල්ටීයතාව කියන්නෙත් ඕකටම තමා මතක විදියට

  • edited November -1
    @T_Lakshan

    කුළු වෝල්ටීයතාවය කියන්නෙත් ඕකමයි කියලා හොඳටම sureද? :-/

    පොඩ්ඩක් බලන්නකො මේ ගාන.

    දියෝඩ 4ක් යොදා ගනිමින් පූර්ණ තරංග සෘජුකරණය කිරීම සඳහා Vb=0.3V වන Ge දියෝඩ භාවිතා කරයි. ද්විතීයිකය හා ප්‍රාථමික දඟරයේ පොටවල් අතර අනුපාතය 1:3 නම් ප්‍රාථමිකයට ලබාදෙන ප්‍රත්‍යාවර්ථ විභවයේ කුළු අගය 240V විට භාර ප්‍රතිරෝධය 20Ω යැ'යි සලකා,

    1. භාරය හරහා උපරිම විභව බැස්ම,
    2. පසු නැඹුරු දියෝඩය හරහා විභව බැස්ම,
    3. භාරය හරහා VDC අගයත් - IDC අගයත් ගණනය කරන්න.

    ඔය ගානෙ කියන හැටියට කුළු අගය කියන්නෙ වෙන මොකක් හරි එකක්දෝ කියලා හිතෙනවා.... 

  • edited November -1
    @T_Lakshan ආ... හරි හරි. මට නිකන් ලා...වට වගේ හිතුණා ඕක වෙන්න ඇති කියලා... එක එක තැන් වල එක එක විදිහට තියෙද්දි පොඩ්ඩක් අවුල් ගියා... :D ගොඩක් ස්තූතියි ඈ...
Sign In or Register to comment.