(ජපන් පාඩම - 8) - නාම විශේෂණ - けいようし - Keiyōshi

edited August 2014 in Other
ජපන් භාෂාවේ නාම විශේෂණ වර්ග 2කි. එනම්,


I. い けいようし – ( ‘ඉ’ නාම විශේෂණ )
II. な けいようし - ( ‘න’ නාම විශේෂණ ) 

නාම විශේෂණ සදහා යෙදෙන ප්‍රධාන නිපාතය වන්නේ が (ග) නිපාතය යි.

い けいようし  ( ‘ඉ’ නාම විශේෂණ )

යම් නාම විශේෂණයක අවසාන අකුර い (ඉ) අකුරක් නම්, එවැනි නාම විශේෂණ ‘ඉ’ නාම විශේෂණ ලෙස හැදින්වේ. 

උදා :

I. උසයි - たかい (せが たかい)- තකයි (සෙ ග තකයි)
II. දිගයි - ながい - නගයි 
III. මිල අධිකයි - たかい (ねだんが たかい)- තකයි (නෙදන් ග තකයි)
IV. රසවත් (කෑම) – おいしい - ඔයිශී
V. හොදයි -いい - ඊ
VI. විශාලයි - おおきい - ඕකී
VII. තරුණයි - わかい - වකයි
VIII. සිත්ගන්නා සුලුයි - おもしろい - ඔමොශිරොයි

い けいようし යොදාගෙන වාක්‍යය ගොඩනගා බලමු.

1.උස ළමයා 
たかい こども
තකයි කොදොමො

2.දිග ගඟ
ながい かわ
නගයි කව 

3.රසවත් කෑම 
おいしい たべもの
ඔයිශී තබෙමොනො

4.පොත මිල අධිකයි.
ほん が たかい です。
හොන් ග තකයි දෙස්.

5.ළමයා උසයි ද?
こども が たかい ですか?
කොදොමමො ග තකයි දෙස්ක?

6.ගඟ දිගයි.
かわ が ながい です。
කව ග නගයි දෙස්.

7.කෑම රසයි.
たべもの が おいしい です。
තබෙමොනො ග ඔයිශී දෙස්.

8.ඔහු තරුණයි ද?
かれは わかい ですか?
කරෙ ව වකයි දෙස්ක?

9.ගුරුතුමා සැරයි.
せんせいは きびしい です。
සෙන්සෙයි ව කිබිශී දෙස්.

10.ඒ සිසුවා හොදයි ද?
その がくせいは いい ですか?
සොනො ගකුසෙයි ව ඊ දෙස්ක?

Comments

Sign In or Register to comment.